Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මේ වනවිට ආසියාවේ ඉහළම උද්ධමනය ඇති රට බවට පත්ව ඇත . ඒ අනුව රට තුල වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයන්ට බලපෑ ඇත්තේ ගෝලීය සාධක පමණක්ම නොවන බව ඉතා පැහැදිලිය .

බහුවිධ ආර්ථික කරුණු කාරණවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව උද්ධමනකාරී ප්‍රවණතාවලට මුහුණ දීමේ දී වෙනදාට වැඩි අවදානමක් බවක් පෙන්නුම් කරයි.

දැඩි උද්, පමණක් නොව ආර්ථික ඇණහිටීමෙන්, සැපයුම් හිඟවලින්, ණය අර්බුදයෙන් සහ විදේශ විනිමය අර්බුදයෙන් ගැලවෙන්නේ කෙසේ ද යන්නද අප ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝග බවට පත්ව ඇත .එසේම ඉකුත් වසර දෙකක කාලයේ දී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ විශේෂිත ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මොනවාද යන්නත් මේ මොහොතේ සමාලෝචනය කල යුතුය .

උග්‍ර අතට හැරෙමින් තිබෙන මෙම ආර්ථික අර්බුදයට පිළිතුරු දීම පමාවෙත්ම රටට මෙම අර්බුදයෙන් “මිදීම සඳහා” දැඩි පිළිවෙත්, ක්‍රියාමාර්ග අවශ්‍ය වන කාලයකට පැමිණෙමින් සිටි යි. රාජ්‍ය වියදම් අඩු කිරීම, බදු වැඩි කිරීම සහ මුදල් වර්ධනය සීමා කිරීම වැනි කර්කශ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට පැමිණීමට සිදුවනු ඇත. ආර්ථිකමය දෘෂ්ටිකෝණයකින් බලන විට මෙම දැඩි ක්‍රියාමාර්ග ඉතා වේදනාකාරී වේ. දේශපාලන දෘෂ්ටිකෝණයකින් බැලු‍ව ද එය එසේ වේ.