රජයේ සේවකයින්ට , නිවසේ සිට වැඩකිරීමට අවස්ථාවක් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් ජලය නොමැති වීම සහ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දෛනිකව සිදුකරනු ලබන විදුලි කප්පාදුව අවම කර ගැනීමට හැකි ක්‍රමවේදයක් මහජන උපයෝගිතා කොමිසම යෝජනා කර ඇත .

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී රජයේ සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළහොත් දෛනික විදුලි කප්පාදු කිරීමේ කාලය තවත් පැය 02ක් හෝ 03ක් අවම කර ගැනීමට හැකි වනු ඇති බවයි.

විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල වේලාවන් තුලදී කාර්යාල කටයුතු පවත්වා ගෙන යෑම සඳහා විදුලි උත්පාදන යන්ත්‍ර යොදා ගැනීමට සිදුවන බවත් ඒ සඳහා යොදා ගනු ලබන ඩිසල් තොග සහ දෛනික ප්‍රවාහන සේවා සඳහා යොදා ගනු ලබන ඩීසල් ප්‍රමාණය අඩු කිරීමෙන් එම ඩිසල් ප්‍රමාණය විදුලි උත්පාදනය සඳහා යොදා ගත හැකි බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.