ගෙවුණු මාසයේ දී මෙරටට ආ සංචාරකයන් ලක්ෂය පනී

Picture of අසංක

අසංක

ගෙවුණු මාසය තුළදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ මස 01 වැනිදා සිට 29 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 101,192 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

මෙම වසරේ එක් මාසයක් තුළ දී ලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ගෙවුණු වසර හා සැසඳීමේදී ද මෙම මාසික අගය ඉහළ ගොස් ඇත.

ගිය වසරේ මේ මාසයේදී මෙරටට පැමිණ තිබුණේ විදෙස් සංචාරකයන් 4581ක් පමණි.

ඒ අනුව 2022 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 280,026 කි.

මේ වසරේ ගෙවුණු කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රටවල් වන්නේ ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, පෝලන්තය, අමෙරිකාව ආදි රටවලිනි.