IMF ණය ගැන සාකච්ජා , ලබන සතියේ ඇරඹේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාකච්ජා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IM F) සඳහන් කර සිටී .

මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබාදිය හැකි ණය වැඩසටහනක් සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කිරිමට නියමිත බව IMF මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් උපුටා දක්වමින් රොයිටර් පුවත සේවය වාර්තා කර ඇත .

මේ සම්බන්ධයෙන් වන සාකච්ජා අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත IMF සහ ලෝක බැංකුවේ රැස්වීම් වලදී සිදුකෙරෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද වොෂින්ටනයට පැමිණීමට නියමිත බවද IMF මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මුල්‍ය වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් කැමැත්ත පළකර ඇති බවට එහි මාධ්‍ය ප්‍රකාශකවරයා ඉකුත් දා පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන මාසයේ සිය නව ලෝක ආර්ථික ඉදිරි දැක්ම නිකුත් කරන විට ශ්‍රී ලංකාව සඳහා වන එහි පුරෝකථනය යාවත්කාලීන කරන බව ද IMF මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය ,