ජනපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කල 54ක් අත්අඩංගුවේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රී විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ අතර කාන්තාවක ද සිටින බවයි.

විරෝධතාවේදී පොලිස් හා හමුදා බස්රථ 2 ක්, ජීප් රථයක් , ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි 2කට අලාභ හානි සිදුව තිබේ.

සිද්ධියෙන් පොලිස් නිලධාරින් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.