අදත් රට පුරා විරෝධතා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද දිනයේදීද ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව මහජනතාව දිවයින් ප්‍රදේශ රැසක විරෝධතාවයන් පැවැත්වින

ඒ අනුව තංගල්ලේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවස අසලට රැස්වූ විරෝධතාකරුවන් එම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලුණු අතර ඊට අමතරව කොළඹ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල, ජා-ඇල, යාපනය, ත්‍රිකුණාමලය ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පැවති විරෝධතාවයන් සඳහා දහස් සංඛ්‍යාත මහජනතාව ඒකරාශී වී සිටියහ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවස අසල සහ කළුතර පිහිටි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගේ නිවස අසල පැවති මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන් එල්ල කිරීමට සිදුවුනු අතර .

අද රාත්‍රියේදීත් කොළඹ නෙලුම් පොකුණ රංග ශාලාව, නිදහස් චතුරශ්‍රය අසල විරෝධතා ව්‍යාපාර පැවැත්වින .

මේ අතර හිටපු අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, ශෂින්ද්‍ර රාජපක්ෂ, ගාමිණී ලොකුගේ , නිමල්ර ලාන්සා , රමේෂ් පතිරණ ඇතුළු රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නිවාස ඉදිරිපිට ද මහජනතාව විරෝධතායේ නියැලුන බව වාර්තාවේ .