වැඩබලන පොලිස්පතිගේ කාලය අදින් ඉවරයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය හෙට දිනයේදී තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වේ.

එම ධූරයෙහි වැඩ බැලීමේ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා වික්‍රමරත්න මහතා පත් කරනු ලැබුවේ සති දෙකක කාලයක් සඳහායි.

ජනාධිපතිවරයා හෝ ව්‍යවස්ථාදායක සභාව විසින් ඔහුගේ ධූර කාලය දීර්ඝ කළ යුතු වේ.

එසේ නොමැති වුවහොත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එම ධුරයේ කටයුතු කිරීමට ද හැකියාවක් නැත.