ඉරුදින දේව මෙහෙයන් අද සිට සාමාන්‍ය පරිදි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ අගරදගුරු පදවියට අයත් සියලු දේවස්ථානවල ඉරුදින දේව මෙහෙයන් අද සිට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අගරදගුරු ජනමාධ්‍ය ඒකකය නිවේදනය කර සිටී.

ආරක්ෂක අංශ විසින් සියලු දේවස්ථාන ආශ්‍රිතව සියලු ආරක්ෂක විධි විධාන තරකර ඇති බවත් ඒ අනුව දේව මෙහෙයන් සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කල බවත් කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය සඳහන් කර සිටී.