ඉන්දියාවේ LTTE තහනම වසර 5කට දිගු වෙයි

Picture of අසංක

අසංක

LTTE සංවිධානයට එරෙහිව ඉන්දියානු රජය විසින් පනවා තිබු තහනම් නියෝගය තවත් වසර පහකින් දීර්ඝ කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.

එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් එම සංවිධානය ඉදිරි වසර පහ සඳහාද තහනම් සංවිධානයක් ලෙස නම්කළ යුතු බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එල් ටී ටී ඊ සංවිධානය හා ඊට සහය දෙන ඩයස්පෝරාවේ සංවිධාන ඉන්දීය විරෝධී මත හා අදහස් ලොව පුරා පතුරවමින් ඇති බවද ඉන්දීය රජය මෙම තහනම දීර්ඝ කරමින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

පැතුම් වික්‍රමරත්න