ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන එ.ජා. දැඩි අවධානයෙන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ, සුළුතර ආගමික කොටස් වෙත එල්ලවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය සම්භන්ධව දැඩි අවධානය යොමු කර ඇති බවත් එම සිදුවීම් සම්භන්ධව කම්පනයට පත්ව ඇති බවත් එකසත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර සිටී.

ජනසංහාර වැලැක්වීම පිලිබඳ ජගත් සංවිධාන විශේෂ උපදේශිකා අඩමා ඩීන් මහත්මිය හා ආරක්ෂාවීමේ වගකීම පිලිබඳ ජගත් සංවිධාන උපදේශිකා කරෙන් ස්මිත් මහත්මිය එක්ව නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

ආසියානු කලාපය තුල පැතිර යන ආන්තවාදී ආගමික හා ජාතිවාදී මතවාදයන් පිළිබඳව මෙන්ම එම තත්වයන් හේතුවෙන් සුළුතර ආගමික කොටස් වෙත එල්ලවන බලපෑම පිළිබඳවද මෙම සිදුවීම් හරහා ඉස්මතුව පෙනෙන බවත් මෙම නිවේදනයේ දැක්වේ.