ඉන්ස්ටග්‍රෑම් වල දෝෂයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්ස්ටග්‍රෑම් යෙදුමේ දෝෂයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙහි ප්‍රධානතම දෝෂය ලෙස සඳහන් වන්නේ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසෙන පරිශීලකයන්ට පැරණි පින්තූර පෙන්වීම සහ අලුතෙන් එක් කරන ලද පින්තූර යාවත්කාලීන නොවීමයි.

යුරෝපය, ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව, මැනිලා සහ ඇමරිකාවේ බොහෝ පරිශීලකයන් පිරිසක් මෙම ගැටලුවට මුහුණ දී සිටිනවා.

කෙසේ වෙතත් මේ වන විටත් එම දෝෂය ගැන Facebook ආයතනය කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.