ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු කිරීමට ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 20ක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද පැවති ජී 7 රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අමෙරිකාව විසින් මෑතකාලීනව ලංකාවට ලබාදුන් අරමුදල මෙය වනවා.

මෙම නව මුල්‍ය ආධාරයශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුළ වඩාත්ම අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරමින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඉදිරි මාස 15ක කාලය තුළ ශ්‍රී ලාංකික දරුවන් 800,000 කට වැඩි පිරිසකගේ පාසල් පෝෂණ වැඩසටහන් සහ 27,000 කට අධික ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් සඳහා ආහාර වවුචර ලබා දෙන වැඩසටහනකට සහාය වීම මෙහි අරමුණයි.

අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකාර්මික ආධාර සහ මුදල් දායකත්වය තුළින් දළ වශයෙන් ගොවීන් 30,000 කට ආධාර කිරීමට ද මෙමගින් සැලසුම් කර ඇත.