ඉතිහාසයේ පළමුවරට උද්ධමනය 50% ඉක්මවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉතිහාසයේ පළමු වරට මෙරට බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය 50% ඉක්මවා ගොස් තිබේ.
ඒ , මේ මාසයේ උද්ධමනය 54.6% ක් ලෙස වාර්තා වීමත් සමගිනි.

ආහාර මිල ගණනත් මේ මාසය තුළ 80%කින් ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම 42.4% කි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන බලපෑමක් සිදු කර තිබේ.

සහල්, මිරිස්, ධාන්‍ය වර්ග ඇතුළු අනෙකුත් අහාර මිල ගණන් ඉහළ යාම මෙන්ම ඉන්ධන මිල ගණන් ඉහළ යාම ද මෙම මාසයේ උද්ධමනය සඳහා ප්‍රධාන ලෙස හේතු වී තිබේ.