ගැටුමට සම්බන්ධ 76 අත්අඩංගුවට ගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය දින කීපයේදී වයඹ පළාතේ ප‍්‍රදේශ කිහිපයක සහ ගම්පහ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ  සිදු වූ   නොසන්සුන්කාරී සිද්ධීන් වලට සම්බන්ධ  සැකකරුවන් 76 දෙනෙකු ඊයේ (14) වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. පුද්ගලයන් 51 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු  රිමාන්ඩ් බාරයට පත්කර  ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල,  කුලියාපිටිය,  වාරියපොල, නිකවැරටිය,  හලාවත, මිනුවන්ගොඩ යන ප‍්‍රදේශ වලදී  මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම පිරිසෙන් 62 දෙනෙකු වයඹ පළාතෙන් බවත් සෙසු 14 දෙනා  ගම්පහ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන  ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.