ජාතික පුරාවිද්‍යා දිනය වෙනුවෙන් , වැඩමුළු මාලාවක්.

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

132වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රත්නපුර ව්‍යාපෘති කාර්යාලය එක්ව තෙදින වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදේශකත්වයෙන් රත්නපුර පුරාවිද්‍යා කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන 2022 ජූලි මස 05 දින සිට 07 දින දක්වා රත්නපුර පුරාවිද්‍යා කාර්යාලය පිහිටි ඇහැලේපොළ අන්තඃපුර මාළිගා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.

ඒ අනුව, 2022.07.05 වන දින ක්ෂේත්‍රයේ පර්යේෂකයන් සඳහා ආචාර්ය සිරාන් දැරණියගල අනුස්මරණ සම්මානය පිළිගැන්වීම සහ පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් ඇගයීම, ආචාර්ය සිරාන් දැරණියගල අනුස්මරණ දේශනය, ප්‍රාග් ‌ෙඒතිහාසික තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානය සංකේතාත්මකව ආරම්භ කිරීම සහ සිතුවම් හා කැටයම් ප්‍රදර්ශනය පැවැත්වේ.

2022.07.06 වන දිනපාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන, ශ්‍රමදානය සහ රුක් ‌රෝපණ වැඩසටහන සහ සිතුවම් හා කැටයම් ප්‍රදර්ශනය සිදු කෙරේ.

2022.07.07 දින සිතුවම් හා කැටයම් ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.