කුලියාපිටියේ පොලිස් අධිකාරි විසිවෙයි – සිගේරා එයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ඕෂන හේවාවිතාරණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබේ.

ඒ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කාර්යභාර නිලධාරිකයකු ලෙසයි.

ඒ වෙනුවට නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරත වූ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා කුලියාපිටිය වෙත මාරු කර තිබේ.

පසුගියදා ඇතිවූ ගැටුම් පාලනයට අසමත් වීම හේතුවෙන් කුලියාපිටිය පොලිස් අධිකාරිවරයා මාරුකිරීමට හේතුවී ඇතැයි වාර්තා වේ.