රමේෂ් වරල්ලෙගම
ආගමික අන්තවාදී හෝ අන්තගාමි මතවාද පිළිබදව තහනමට අදාලව ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වනවිට සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ලබා දී තිබේ.
අදාල ගැසට් නිවේදනයට අනුව ආගමික, අන්තවාදී හෝ අන්තගාමි මතවාද සම්බන්ධ අධ්‍යාපනික කටයුතු සදහා උපදෙස් දෙනු ලබන, උගන්වනු ලබන හෝ දේශනා කරන උපදේශකයකු, ගුරුවරයෙකු, කථිකාචාර්යවරයෙකු ලෙස හෝ වෙනත් යම් ආකාරයකට සේවා නියුක්ත කිරීම සදහා හෝ සේවය සැපයීම සදහා පුරවැසියෙකු නොවන කිසිදු තැනැත්තෙකු නොයෙදිය යුතුය.
අපප්‍රේල් 29 වැනිදා නිකුත් කළ අදාල ගැසට් නිවේදනයේ ත්‍රස්තවාදියා යන්නට තවත් අර්ථ නිරූපන එක්කර තිබු අතර විද්‍යුත් ප්‍රජනන සහ යම් කරුණු හෝ වෙනත් අන්තර්ගත දෑ යම් විදුලි සංදේශ උපකරණය හරහා සම්ප්‍රේෂණය කිරීමද එයට ඇතුළත් බව සදහන්ය.
මෙම ගැසට් නිවේදනයේම මුහුණු ආවරණ සම්බන්ධයෙන් අදාලවන සීමා නිකුත් කර තිබු අතර පසුගිය 13 වැනිදා නැවත පළ කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය සංශෝෂධනය කර තිබේ.
ඒ අනුව අදාල සංශෝධනයේ සම්පුර්ණ මුහුණ යන්නෙන් නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වාද දෙකන් අතරද
( එහෙත් දෙකන් නො ඇතුළත්ව) වන යම් තැනැත්තෙකුගේ මුහුණ අදහස් වේ යනුවෙන් සදහන් කර ඇත.


