පැතුම් වික්‍රමරත්න
පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුකෙරුණු ප්‍රචන්ඩ ක්‍රියා පිළිකුලින් හෙලා දකින බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම අවධාරනය කර සිටී.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට වගකිවයුත්තන් වහා නීතිය හමුවට ඉදිරිපත් කර නිසි දඩුවම් ලබාදීමට බලධාරීන් කටයුතු කලයුතු බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම කොමිසම සඳහන් කර ඇත.
සුළුතර ආගමික කොටස් වෙත දිගින් දිගටම එල්ලවන මෙම ප්‍රචණ්ඩත්වය සම්භන්ධව ශ්‍රී ලංකා රජය විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද මෙම කොමිසම අවධාරණය කර ඇත.
මෙම සිදුවීම්වලට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර තත්වයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා රජය කටයුතු කල යුතු බවද කොමිසමේ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ෆෙඩ්රික් රව්ස්කි මහතා මෙම නිවේදනය හරහා ප්‍රකාශ කර ඇත.