කිෂූ ඉවත් වෙයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරන ඒ මහතා රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ මෙම ආයතන දෙකෙහිම වගකීම් එකවර ඉටුකිරීමට අසීරු බැවින් මෙලෙස එක් තනතුරකින් ඉල්ලා අස්වන බව කියා සිටියි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවර්ධන ක‍ටයුතුවලට වැඩි අවධානයක් දීමේ අරමුණින් මෙම පියවර ගත් බව හෙතෙම අවධාරණය කරයි.

ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විෂයභාර අමාත්‍යවරයාට යවා ඇතැයි වාර්තා වේ.