රමේෂ් වරල්ලෙගම
මාමුනේ චැම්පියන්පත්තු ගැඹුරු මුහුදේ කළ නාවික හමුදා සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 78.3 සමග ඩිංගි බෝට්ටුවක සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇත.
උතුරු නාවික නිධානයේ නිලධාරින් සහ සෙබළු මෙම මෙහෙයුමට එක්ව සිටියහ.