මංගල – කිරිඇල්ල ගැටුම දුරයයි

Picture of අසංක

අසංක


රමේෂ් වරල්ලෙගම

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා  ලිට්රෝ ගෑස් සමාගමට අලුතින් පත්කළ නව අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කලින් පත්කළ අධ්‍යක්ෂ මණ්ඩලය ද්වන්ද සටනකට මුලපුරා තිබේ.


ඒ අනුව මංගල සමරවීර මහතා අලුතින් පත්කළ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.


මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂවරුන් පත් කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් වරයාට බලයක් නැති බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග මත පත්කළ නව අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ලිට්රෝ හිටපු කළමණාකරණ අධ්‍යක්ෂ මුදිත පීරිස් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව් දෙනෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.


ඒ අනුව මංගල සමරවීර සහ කිරිඇල්ල අමාත්‍යවරුන් අතර පවතින හිත් අමනාපය තවත් දුරදිග ගොස් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.