රමේෂ් වරල්ලෙගම
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි කාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් ලියා පළ කළ “Read Between the Lines” කෘතියේ ආදායමෙන් රුපියල් ලක්ෂ හතක් අබාධිත නාවික හමුදා රණවිරුවන්ට ප්‍රදානය කර තිබේ.
වසර 38ක සිය නාවික හමුදා දිවිය අලලා මෙම කෘතිය රචනා කර තිබිණි.
මෙම ග්‍රන්ථය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතරේ පමණක් අලෙවි කළ අතර ඉන් ලද ආදායම මෙසේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලයණයේ සේවය කොට මියගිය සහ ආබාධිත වූ නිලධාරීන් හා එම පවුල්වල සුභසාධානය වෙනුවෙන් පිරිණමා ඇත.
කොමාන්ඩර් කේ.ජීසීඑම් ගමගේ, කොමාන්ඩර් ඩබ්ලිව් සී විජේසිරි, ප්‍රධාන සුළු නිලධාරි ජී.වී විපුලරත්න, සුළු නිලධාරි බී.එම්.ආර්.කේ බස්නායක, නායක නැවි බී.ඩබ්ලිව්,එම්.එන් අමරවීර, නායක නැවි ඩබ්ලිව්.ජී.ආර්.එම්. ප්‍රේමරත්න සහ නායක නැවි ඩී.එස් පලිහවඩල හා ඔවුන් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුවිය.
යමුනා විජේගුණරත්න මහත්මිය, රවීන්ද්‍ර සත්‍යජිත් විජේගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙක් සහභාගි වුහ.
