පොලිස් කොමිසමට බලපෑම් කළ දේශපාලඥයන් හෙළිවෙයි?

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ/රමේෂ් වරල්ලෙගම 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සදහා ආරක්ෂාවේ හිඩැස් මතුව තිබීමට අදාලව ජාතික පොලිස් කොමිසම ස්ථාන මාරු ලබා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීන්ගේ ස්ථාන මාරු ඉහළ දේශපාලන හස්තයක බලපෑමෙන් නැවැතී තිබේ.

මේ සම්බන්ධයෙන් The Colombo Express වෙබ් අඩිවියට අනාවරණයක් කළ පොලිස් කොමිසමේ ප්‍රධානියෙක් අදාල තත්ත්වය තවදුරටත් පවතින්නේ නම් ඉදිරියේදී අදාල දේශපාලඥයන් කවුදැයි හෙළි කිරීමට මාධ්‍ය හමුවක් පැවැත්වීමට සිදුවන බව පැවැසීය.

ජාතික පොලිස් කොමිසම ඇතැම් නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබා දුන්නේ හේතුවක් ඇතිවයි. නමුත් අදාල මාරුවීම් ඉහළ දේශපාලන හස්තයකින් නැවැත්වීමට පියවර ගෙන තියෙනවා. මේ තත්ත්වය ඉතා කණගාටුදායක තත්ත්වයක්. තවදුරටත් මේ වගේ දේවල් සිදුවෙනවා නම් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වලා මේ දේශපාලඥයන් ගැන හෙළි කරලා අපි ගෙදර යනවා යැයි අදාල නියෝජිතයා ද කළම්බො එක්ස්ප්‍රස්වෙත සදහන් කළේය.

මෙයට දිනකට පෙර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවැත්වු මාධ්‍ය හමුවකදි ඔහුට සැකකරුවකු බේරාගැනීම වෙනුවෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමතුමක් දුන් බව හෙළි කළේය. නමුත් එවරද යුද හමුදාපතිවරයා ඊට එරෙහිව කටයුතු කර තිබු අතර ඔහු මාධ්‍ය ඉදිරියේ අමාත්‍යවරයාගේ නම හෙළි කිරීමටද පියවර ගත්තේය.

මේ අනුව පොලිස් කොමිසමේ නිලධාරින්ද ඉදිරියේදී මෙවැනි රාජකාරි කටයුතු සදහා බාධාවන දේශපාලඥයන් කවුරුන්දැයි හෙළිදරව් කළහොත් මෙම තත්ත්වය රටේ සුබදායි පෙරළියක් වනු ඇති බව ද කළම්බො එක්ස්ප්‍රස් අධ්‍යනයන්ට අනුව පෙනී යයි.