ජනපති සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර හමුවක්

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතය.

‘සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පොදු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වූ යෝජනාවලිය’ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වේ.

විවිධ ආගම්වලට සහ විවිධ ජාතීන්වලට වෙන්වූ නීති පැවතීමෙන් උද්ගතව ඇති ගැටලු විසඳීම අරමුණු කරගනිමින් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.