BREAKING NEWSක්‍රීඩා


Share now!

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී ඊයේ (12) රාත්‍රී පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලැබීමට සමත් වූහ.

ඉන්දියාව මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී  2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 39.4 කදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 215 ට පිලිතුරු වශයෙන් ඉන්දීය පිල ඕවර 43.2 කදී කඩුලු 6 ට 219 ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කලහ.