මෙරට මුස්ලිම් ජනයාට වන්දි ගෙවන්නැයි තමිල්නාඩු තවුහීඩ් ජමාත් බලකරයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හානියට පත් මුස්ලිම් ජනතාවට වන්දි ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව තමිල්නාඩු තව්හිඩ් ජමාත් සංවිධානය අවධාරණය කර සිටී.

චෙන්නායි හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග ඊයේ (16) පැවති විශේෂ හමුවකදී තමිල් නාඩු තව්හිඩ් ජමාත් ප්‍රධානීන් මේ බව සඳහන් කර ඇත.

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ලවූ ප්‍රහාරය මෙන්ම ඉන් අනතුරුව මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරද පිළිකුලින් හෙලා දකින බව තමිල්නාඩු තව්හිඩ් ජමාත් සංවිධානය මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව තුල නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවද ඔවුන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව තුල සාමය උදාවේවා යයි ප්‍රර්ථනා කරන බවද ඒ වෙනුවෙන් යාඥා කරන බවද මෙම සංවිධානය මෙහිදී ප්‍රකාශ කර ඇත.