රාජ්‍ය සේවා කොමිෂන් සභාව අලුතින් පත්කෙරේ

Picture of අසංක

අසංක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත්කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත් කර ඇත. මෙහි සෙසු සාමාජිකයන් වන්නේ සිත්ති මරීනා මොහොමඩ්,නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වක්කුමාරන්, චන්ද්‍රරත්න පල්ලේගම, මානික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජාපිල්ලෙයි මහත්ම මහත්මීන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් කර තිබේ.