මිහින්තලේ කටුපොත ගම්මානයේ නිෂ්පාදනය කරන මැටි වළං විකුණාගත නොහැකිව තිබියදී කොළඹ පිහිටි සුපිරි රෙදිපිළි සාප්පුවක් වූ Lady J ආයතනය මැදිහත්වී රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා වළං තොගයක් ඉකුත් දා මිලදීගෙන ඇත.
එළැඹෙන අලුත් අවුරුදු උත්සවය ඉලක්ක කර ගනිමින් කටුපොත ගම්වැසියන් වළං තොග නිපදවා තිබුණද ඒවා විකුණාගත නොහැකිව සිටිය දී Lady J හි පිරිසක් පැමිණ එම වැසියන්ගෙන් වළං විශාල ප්‍රමාණයක් මිල දී ගත් හෙයින් තමන්ට මෙවර අලුත් අවුරුදු උත්සවය ජයට සැමරීමට හැකි වූ බවද ඔවුහු කියති.
මාස කීපයක සිටම නිපද වූ විවිධ වර්ගයේ මැටි වළං කටුපොත ගම්මානයේ සෑම නිවසකම ගොඩ ගසා තිබූණි.
වෙනත් කාලවල දී මෙන් වළං තොග මිල දී ගැනීමට කොළඹින් හෝ වෙනත් ප්‍රදේශ වලින් කිසිවකු මෙවර නොපැමිණි බවත් ගම්වැසියෝ කියති.
ගම්වැසියන් පාරම්පරිකව මැටි වළං නිපදවීමේ යෙදී සිටින බවත් ඒවා අලෙවිකර ගැනීමට නොහැකිව සුසුම් හෙළමින් සිටිය දී Lady J ආයතනයේ පැමිණ පිරිසක් තමාගේ නිවසේ ගොඩ ගසා තිබූ වළං තොගය මිලදී ගත් බවත් කටු පොත පදිංචි යූ. ප්‍රෙමාවතී (50) මහත්මිය පැවසුවාය.
සිය නිෂ්පාදන විකුණාගත නොහැකිව සිටින කටුපොත වළං නිශ්පාදකයින් පිළිබඳ Lady J හි කළමනාකාරිත්වය දැනුම්වත් කර ඇත්තේ වෙලංකුලම ගමේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයකු වන උපන්දි ආනන්ද මහතා බව ද ගම් වැසියෝ පැවසූහ.
වළං මිලදී ගත් Lady J ආයතනය පවසන්නේ මින් ඉදිරියට ද තම ආයතනය කටුපොත ගම්මානයට පැමිණ වළං මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.



