රජයේ වෙබ් අඩවි රකින්න CERT වෙතින් විශේෂ වැඩපිළිවෙළක්

Picture of අසංක

අසංක

රාජ්‍ය ආයතනවල වෙබ් අඩිවි ,සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කටයුතු යොදා ඇත.

ඒ යටතේ අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දීමටද සංසදය මේ වනවිට පියවර ගෙන ඇත.

පසුගිය ඉරිදා දින එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මෙරට වෙබ් අඩවි 13කට බලපෑම් එල්ල වූ අතර ඒ අතර කුවේටයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය ද ඇතුළත් ය.