මහජනතාවට අවහිර වන පරිදි ප්‍රභූ වාහන වෙනුවෙන් මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.
ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කර ඇත.
ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.
බොරැල්ල සේනානායක හංදියේදී පසුගියදා ප්‍රභූ වාහනයක් ගමන් කිරීම වෙනුවෙන් මාර්ගය වසා තිබූ අවස්ථාවක එහි තදබදයට ලක්වූ සියලුම වාහන රියැදුරන් එක හඬින් නළා නාද කරගෙන් සිටි වීඩියෝ පට සමාජ ජාලා තුළ වේගයෙන් සංසරණය විය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් සමාජ ජාලා තුළ ජනතාව හඬ නැගූයේ මෙය අඛණ්ඩව සිදු කළ යුතු විරෝධයක් ලෙසයි.
Roads blocked due to some big shot passing…well the public rightly expressed their sentiments 🙂#lka #srilanka #politicians #prefferemtialtreatment #politics #inconvenience pic.twitter.com/rmCsRoXzAq
— Shabiya Ali Ahlam (@ShabiyaAli) May 19, 2019