VIPවලට එපා නම් විජේරාමෙත් අරින්න – හර්ෂ ජනපතිට කියයි

Picture of අසංක

අසංක

කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උපදෙස් දීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව පවසන්නේ ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට අවහිර වන ලෙස මාර්ග වසා නොතැබීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇති පසුබිමකයි.

හර්ෂ ද සිල්වා මහතා පෙන්වාදෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටින් මංතීරු 4ක් දැනට වසා ඇති බවයි.

ප්‍රභූ වාහන ගමන් කිරීමේ දී මාර්ගය වසා නොතැබීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නා සේම විජේරාම මාවත ද විවෘත කිරීමට හෙතෙම වහා පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කර සිටියි.