ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බී.ජේ.පී. පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට විශිෂ්ට ජයක් හිමි වී තිබෙනවා.
එරට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 542න් ආසන 300කට වඩා වැඩි සංඛ්‍යාවක් ජය ගනිමින්. රාහුල් ගාන්ධිගේ කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට හිමි වී ඇත්තේ ආසන 100කට වැඩි සංඛ්‍යාවක් පමණයි.
කෙසේවෙතත් මේ දක්වා මැතිවරණයේ නිල සමස්ත ප‍්‍රතිඵල නිකුත් වී නැහැ. එහෙත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයක් හෝ සන්ධානයක් ලබාගත යුත්තේ පාර්ලිමේන්තුවේ ආසන 272ක් පමණයි.
