මෙරට වෙබ් අඩවිවලට ප්‍රහාර එල්ල කර ඇත්තේ විදෙස් කණඩායම් 2ක්

Picture of අසංක

අසංක


මෙරට වෙබ් අඩවි කිහිපයකට එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස්ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව ,ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණ කර සිටී

ඒ අනුව පසුගිය 18 වනදා එල්ල වූ එක් සයිබර් ප්‍රහාරයක් එක් විදෙස්ගත කණ්ඩායමක් විසින් සහ පසුගිය 19 වනදා එල්ල වූ සයිබර් ප්‍රහාරය තවත් විදෙස්ගත කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබ ඇති බව සංසදය සඳහන් කර සිටී

මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි 99% ක් යළි යථා තත්ත්වයට පත් කර ඇතැයිද, සංසදය පවසයි.

වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වුව ද, ඉන් කිසිදු දත්තයක් ලබා ගැනීමට එම ප්‍රහාරකයින්ට අවස්ථාව ලැබී නොමැති බව ද, සංසදය වැඩිදුරටත් අනාවරණය කර ගෙන ඇත.