සේවක අර්ථසාධක අරමුදලේ , මුදල් යළිත් කොළඹ කොටස් වෙලදපොලේ ආයෝජනය කිරීම අරඹා ඇතැයි වෙලදපොල ආරංචි මාර්ග අනාවරණය කර සිටී . ඒ අනුව එම මුදල් යොදවා පෞද්ගලික ජංගම දුරකථන සමාගමක කොටස් මිලියන 55 ක් පසුගිය සතියේ රුපියල් මිලියන 495 කට මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.
මහබැංකු බැඳුම්කර වංචාවෙන් පසුව මතු වූ සංකීර්ණතා මත සේවක අර්ථසාධක අරමුදල කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම අත්හිටවීය. 2015 සහ 2016 යන වසරවල සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම නිසා රුපියල් මිලියන 8449 ක් එම අරමුදලට අහිමි වී ඇති බව මූල්‍ය වාර්තාවලින් හෙලිව ඇත.