ඥානසාර හිමියන් සහ මෑණියන් ජනපති හමුවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති පොදු සමාව ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ මෑණියන් ඊයේ (23) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසින ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.

මේ අවස්ථාවේදී ඥානසාර හිමියන්ගේ මෑණියන් ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදෙමින් හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ අතර එම මෑණියන් සහ ඥානසාර හිමියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය.