ඥානසාර හිමි ප්‍රමුඛ සංඝරත්නයට තිලංග සුමතිපාල මහතා දානය පිලිගන්වයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ දිනයේ (23) ජනාධිපති පොදු සමාව යටතේ වසර නිදහස් කල බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ප්‍රමුඛ සංඝරත්නයට දහවල් දානය පිලිගැන්වීමට කොළඹ දිස්‍ත්‍රීක් පාර්ලිමේන්තු මංත්‍රි තිලංග සුමතිපාල මහතා කටයුතු කර තිබුණා. ඥානසාර හිමියන් සිරගතව සිට නිදහස් වූ පසු වැඩමකල ප්‍රථම දානයද මෙයයි. ‍මේ අවස්ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියන් සහ තවත් හිමිවරු පස් නමක් වැඩම කර සිටියා. තිලංග සුමතිපාල මහතාගේ පවුලේ හිතවුතුන් ද මේ අවස්ථාව සහභාගී වි සිටියා.