ගාම්භීර් දේශපාලන ඉනිම අරඹයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩයකු වන ගෞතම් ගම්භීර් මෙවර ඉන්දීය මහ මැතිවරණයට ප්‍රථම වරට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට සමත් විය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය (BJP) නියෝජනය කරමින් නැගෙනහිර දිල්ලි ආසනයෙන් ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් විය.

නැගෙනහිර දිල්ලි ආසනය නියෝජනය කළ අතර ඔහු ලබාගත් ඡන්ද ගණන 6,96,156කි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර ඔහු භාරතීය ජනතා පක්ෂය සමග එකතු වූ බව ය.

ගම්භීර් සිය ඡන්ද ව්‍යාපාරය සාර්ථකව මෙහෙය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 37 වැනි වියේ පසුවන ගම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට වර්ෂ 2004 සිට 2016 දක්වා වසර 12ක් සිය සේවය ලබා දුන්නේය.