ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (Cargo) CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators – Lithium Batteries) හිමි කරගෙන තිබේ.
මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තර ගුවන්සේවා සංගමය වන IATA (International Air Transport Association) මගිනි.
ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකන් ගුවන්සේවය ලොව ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙම විශිෂ්ටතා තත්ත්ව සහතිකය හිමිකරගත් ප්‍රධාන පෙළේ ගුවන් සේවාවන් හා සේවා සම්පාදක සමාගම් අතරට එක් වී සිටී.
