මන්නාරම් ද්‍රෝණියේ තෙල් හොයන්න , නැවතත් ආයෝජන කැඳවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2011 වසරේදී කෙයාන් ලංකා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ලද ගවේෂණ හා කැණීම් වලට අනුව, මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ බිම් කොටසින් ස්වභාවික වායු නිධි 2 ක් සොයා ගෙන ඇති අතර, එමඟින් මන්නාරම් ද්‍රෝණියේ ශක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී තිබේ.

2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ රෙගුලාසි මඟින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක් වෙරළ ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංර්වධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.

ඒ අනුව, මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 4 හි ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමට, එම කාර්යය සඳහා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවි කරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.