ඉන්දියාව හා පකිස්තානය සටන් විරාමයකට එකඟවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටී .

‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද මේ බව සඳහන් කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සහ දිගු සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බවය.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතාද මේ බව තහවුරු කර ඇති අතර , දෙපාර්ශවය ලබන 12 දින යලි ඒ පිලිබඳ සාකච්ජා කිරීමට නියමිත බවද ඔහු මාධ්‍ය වෙත පවසා ඇත .