හයවැනි ශ්‍රේණියේ සිට නවවැනි ශ්‍රේණිය දක්වා දෙමළ සහ සිංහල භාෂාව ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස ඉගැන්වීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
හයවැනි ශ්‍රේණියේ සිට නවවැනි ශ්‍රේණිය දක්වා සිංහල සිසුන්ට ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස දෙමළ භාෂාව ඉගෙනගැනීමටත්, දෙමළ සිසුන්ට ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස සිංහල භාෂාව ඉගෙනගැනීමටත් අනිවාර්ය කෙරෙනු ඇති බව අගමැතිනිය සඳහන් කළාය.
ගුරුවරුන්ට භාෂා ඉගැන්වීමට පුහුණුව ලබාදෙන තෙක් මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.