ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවත්වෙන 72 වන ලෝක රූ රැජින තරගාවලියෙන් ඉවත්වීමෙන් පසුව එංගලන්ත තරඟකාරිය එම තරගාවලිය අතරතුර සිදුවූ පහත් ක්‍රියාවන් කිහිපයක් පිළිබඳවම චෝදනා එල්ල කර ඇත .
2024 මිස් එංගලන්ත ජයග්‍රාහිකාව වන 24 හැවිරිදි මිලා මැගී, මූලික වට ආරම්භය සමග මැයි 16 දින ඇගේ මව්ගේ සෞඛ්‍යය සම්බන්ධ පවුලේ හදිසි අවශ්‍යතාවයක් සඳහන් කරමින් තරගාවලියෙන් ඉවත්ව ගිය අතර දෙවැනි තැන ගත් තරගකාරිය ඇය වෙනුවට එංගලන්තයෙන් සහභාගී කර තිබුණි. කෙසේ වෙතත් ඉවත්ව ගිය මිලා මැගී පසුව සිය රටදී මාධ්‍ය අමතමින් තමන් ඉවත්ව ගිය සත්‍ය හේතුව තරග සංවිධානය ගැන කලකිරීම් රැසක් මැද ආ පිළිකුල් සහගත හැඟීමක් බවට විස්තර කළාය.

මැගී, පසුව මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී හෙළි කළේ තරගාවලි සංවිධායකයින්ගේ අවමාන කරන සැලකීම් නිසා ඇය ඉවත් වූ බවයි. මේ ආකාරයට මිස් වර්ල්ඩ් තරගාවලියක් මැද ඉවත්ව ගිය එංගලන්තයේ පළමු මිස් වර්ල්ඩ් අපේක්ෂිකාව බවට පත්ව සිටින ඇය සිය කැප කිරීම සිදුකරන්නට තරම් අප්‍රියජනක අත්දැකීම් අත්වින්ද බවට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත.
සමුද්‍ර ජීවිතාරක්ෂක සේවය සහ සර්ෆ් ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරන මැගී, මිස් වර්ල්ඩ් සංවිධානය තරඟකරුවන් “යල්පැන ගිය” ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවට ද චෝදනා කළාය.

මිස් වර්ල්ඩ් තරගකාරියන් ලිංගිකව සූරාකෑමට ලක්කරන බවටද ඇය බරපතල චෝදනාවක් කර තිබේ. ඇය තරගාවලියේ සහභාගීවීම් තුළ “ගණිකාවන් කරවන” සහ “විනෝදාස්වාදය වෙනුවෙන් පාවාදෙන” අවස්ථා උදාවූ බවට උදාහරණ ගෙනහැර පා ඇත.
මැගීට අනුව, තරඟකරුවන් ආහාර ගැනීමේ කාලය ඇතුළු සෑම විටම සිරරු වැසෙනසේ විධිමත් ගවුම් පැළඳීමට අවශ්‍ය වූ බවත්, මුහුණු වර්ණ ගැන්වීම් නොකර සිටිමට තමන්ට ඉඩ නොදී බලපෑම් කළ බවත් පවසා ඇත.
