සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ආරක්ෂාව සැපයූ රණවිරුවන්ට උපහාර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

04/21 බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ආරක්ෂාව සැපයූ ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ බලකායේ රණවිරුවන්ට හා ගුවන් හමුදා රණවිරුවන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා හෝටලයේදී පැවැත්වුනා. මේ අවස්ථාවට හෝටලයේ ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහි විශේෂත්වය වන්නේ කමාන්ඩෝ බලකායේ විශේෂ පුහුණුව ලැබු සුනඛයාටද විශේෂයෙන් කෘත ගුණ දැක්වීමයි.