ජනපති ගැන බොරුවක් ෆේස්බුක් දැමූ සරසවි සිසුවාට ඇප

Picture of අසංක

අසංක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් ෆේස්බුක් හරහා ප්‍රචාරය කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් සරසවි සිසුවා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

ජනාධිපතිවරයා ඉකුත් 13 වැනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බවට සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කර ඇති බවට සැකකරුට චෝදනා එල්ල වී තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය විසින් රහස් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර සරසවි සිසුවා අත්අඩංගුවට ගෙන තිබුණි.