ළමා අපයෝජන ඉහලට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබිය යුතු බවත් පාසල් තුල එවැන්නක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් ඇය පැවසුවාය.

මේ පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනේදී අග්‍රමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය