ලබන මාසයේ සිට, අලුත් මුදල් ලේකම්වරයෙක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම මස අවසානයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යාමට නියමිත බව අද පැවති ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාවේදී අනාවරණ වුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කතාවේදීයි.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අගදී ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ ධූරයක් සඳහා පත්වීමට නියමිත බවයි.