ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය , විදෙස් ශිෂ්‍ය වීසා ලබාදීම සම්භන්ධව ආන්දෝලනාත්මක තීරණ කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇත .
එම තීරණයන්ට නුව ඉදිරියේදී අධ්‍යාපනය සඳහා එරටට පැමිණෙන විදෙස් ශිෂ්‍ය සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස සීමාකෙරෙනු ඇත . එසේම දැනට එරට අධ්‍යාපනය ලබන විදෙස් සිසුසිසුවියන් රැසකටද යලි තම රටවල් කරා යාමට සිදුවනු ඇත .
2023-24 අධ්‍යයන වර්ෂය තුළ රටවල් 210කට අධික සංඛ්‍යාවකින් ජාත්‍යන්තර සිසුන් මිලියන 1.1කට වැඩි පිරිසක් එක්සත් ජනපද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී තිබේ. මෙවන් තත්වයක් යටතේ ට්‍රම්ප් පරිපාලනය ගත තීරණය හරහා විදෙස් සිසු සිසුවියන් රාශියක් බරපතල ගැටළුවකට මැදිව සිටී .
මෙම තත්වයට ඇති විසඳුම් හා විකල්ප මොනවාද ? මේ ලිපියෙන් සාකච්ජා කෙරෙන්නේ ඒ පිලිබඳවය .

කැනඩාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ද මෑත වසරවලදී විදේශීය සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ආකර්ෂණය කරගෙන තිබේ.
නමුත් ආගමන නීතිවල සිදු කරන ලද දැවැන්ත වෙනස්කම් හේතුවෙන් මෑතකදී එම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
නිදසුනක් ලෙස විදේශීය සිසුන් සඳහා අරමුදල් ඇති බවට සනාථ කිරීමේ අවශ්‍යතා සැලකිය යුතු ලෙස වැඩි කිරීමෙන් කැනඩාව ඔවුන් බඳවා ගන්නා විදේශීය සිසුන් සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කර ඇති අතර, මෙය සංක්‍රමණ සීමා කිරීම සඳහා එහි අඛණ්ඩ උත්සහයන්ගේ කොටසක් වේ.
ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ඇතුළු කීර්තිමත් ආයතන පිහිටා ඇති එක්සත් රාජධානිය ද, ජාත්‍යන්තර සිසුන් සඳහා අවස්ථා සීමා කිරීමට කටයුතු කර ඇත.
ශිෂ්‍ය වීසා ලබා දීම සීමා කිරීම් 2024 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ අතර,එයින් පශ්චාත් උපාධිධාරීන්ට ඔවුන් මත යැපෙන පවුලේ සාමාජිකයන් එක්සත් රාජධානියට ගෙන ඒමේ අයිතිය අහිමි වූ අතර නව සිසුන්ට ඔවුන්ගේ පාඨමාලා අවසන් වීමට පෙර රැකියා වීසා බලපත්‍රයකට මාරු වීම නැවත්විය.
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ශිෂ්‍ය වෙළෙඳපොළක් ඇති ඔස්ට්‍රේලියාව, සමස්ත සංක්‍රමණ වසංගතයට පෙර පැවති මට්ටම දක්වා අඩු කිරීමට උත්සහ කරන බැවින්, රටට ඇතුළු කරගන්නා විදේශීය අයැදුම්කරුවන් සංඛ්‍යාවට සීමාවක් ද හඳුන්වා දුන්නේ ය.
මහාචාර්ය බෲස්ටීන් යෝජනා කරන්නේ බොහෝ රටවල් තමන්ගේ ම අධ්‍යාපන ක්‍රම සඳහා ආයෝජනය කරන විට, සිසුන්ට විදේශයන්හි අධ්‍යාපනය ලැබීම වෙනුවට තම මව් රටවල රැඳී සිටීමට තෝරා ගත හැකි බව ය.
අවස්ථා ලබා දෙන අනෙකුත් රටවල් මොනවා ද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෑත කාලීන වෙනස්කම් බොහෝ විශ්වවිද්‍යාල මගින් ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාවක් ලෙස සලකනු ලබන අතර, ඔවුන් ඉහළ අධ්‍යයන ගාස්තු හරහා විශ්වවිද්‍යාලවල අරමුදල්වලට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
හොංකොංහි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලී පැවසුවේ, “ඇමෙරිකානු ප්‍රතිපත්තිය නිසා වෙනස්කම්වලට ලක් වූ, අධ්‍යයන කටයුතුවල නියැලීමට අපහසුතා ඇති හෝ ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු කරගෙන යන” ඕනෑ ම සිසුවෙකු “සාදරයෙන් පිළිගන්නා” බව ය.
“හොංකොංවල දිගට ම ඉගෙන ගන්න තෝරා ගන්නා අයට රජය සහ දේශීය තෘතීයික ආයතන ඉතා හොඳ සහයක් සහ ක්‍රමවේදයක් සපයනවා,” ලී පැවසීය.
“ඔයාලා හැමෝම හාවර්ඩ්වලින් ලබා ගත්ත ක්‍රෙඩිට් (ලකුණු) මාරු කරගන්න පුළුවන් හවුල්කාරීත්වයක් අපට ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය එක්ක තියෙනවා. එහෙමත් නැතිනම් ඔබේ ලකුණු අපේ Sun-U උපාධි වැඩසටහනකට මාරු කරන්න පුළුවන්, ඒක බ්‍රිතාන්‍යයේ ලැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් සහතිකයක් ලබා ගැනීමේ අමතර ප්‍රතිලාභයක් ලබා දෙනවා,” [හාර්වඩ්] සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී එළිසබෙත් ලී සිය LinkedIn සමාජ මධ්‍යයේ පළ කළ සටහනක එලෙස දැක්වේ.
University students in their graduation gown in central London, posing for photos. ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
එක්සත් ජනපදයෙන් පිටත විකල්ප සොයන සිසුන් සඳහා යුරෝපයේ ජර්මනිය වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව තිබේ.
ජර්මානු අධ්‍යයන හුවමාරු සේවයේ (DAAD) අනාවැකිවලට අනුව, 2025දී එම රට ජාත්‍යන්තර බුද්ධිමතුන් 400,000කට වඩා වැඩි පිරිසකට සත්කාරකත්වය දරනු ඇතැයි ගණන් බලා තිබේ.
පසුගිය වසරේ මාර්තු මාසයේදී, යුරෝපා සංගමයෙන් පිටත රටවල්වල ජාත්‍යන්තර සිසුන්ට පෙර තිබූ පැය 10 සීමාව සතියකට පැය 20ක් දක්වා වැඩ කිරීමට ඉඩ සලසන නව පියවර ද හඳුන්වා දෙන ලදී. විදේශීය සිසුන් සඳහා අරමුදල් ඇති බවට සනාථ කිරීමේ අවශ්‍යතා ජර්මනිය ද වැඩි කර ඇතත්, එය කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් ආරම්භ කරන ලද වැඩිවීම තරම් කැපී පෙනෙන වැඩිවීමක් නොවේ.
පසුගිය වසර 15 තුළ උසස් අධ්‍යාපනයේ ගෝලීය වෙළෙඳපොළ මූලික වශයෙන් වෙනස් වී ඇති බැවින්, ජාත්‍යන්තර සිසුන්ට සලකා බැලිය යුතු විකල්ප සහ ස්ථාන රාශියක් දැන් ඇති බව මහාචාර්ය බෲස්ටීන් පවසයි.
“මැලේසියාවේ බොහෝ විශ්වවිද්‍යාල ඉහළ ම මට්ටමේ ඒවා. මම හිතන්නේ ඔස්ට්‍රේලියාවේ ශක්‍යතාව තව ම තියෙනවා. එක්සත් ජනපදය හැර යාමට සලකා බලන ඉහළ ම මහාචාර්යවරුන් ආකර්ෂණය කර ගන්න ප්‍රංශය මුදල් වෙන් කරන නිසා මම හිතන්නේ යුරෝපය තවමත් තරගයේ ඉන්නවා. නමුත් මම අවධානය යොමු කරන්නේ නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සිදුවෙමින් පවතින දේ ගැන, මොක ද ඒක තමයි ලෝකයේ වැඩියෙන් ම වෙනස් වෙන පැත්ත,” මහාචාර්ය බෲස්ටීන් පවසයි.
සිසුන්ට වෙනත් රටක ශාඛාවකට යාමට හැකි ද?
‘ශාඛා-විශ්වවිද්‍යාල’ සංකල්පය දැන් වඩා ත් ජනප්‍රිය වනු ඇතැයි මහාචාර්ය බෲස්ටීන් අපේක්ෂා කරයි.
“මම දන්නවා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට මේක කරන එකේ ලොකු ඉතිහාසයක් තියෙනවා,” ඔහු පවසයි.
“මැලේසියානු විශ්වවිද්‍යාලත් ඒක ම කරනවා. ඇමෙරිකාවේ මේ වගේ දෙයක් වෙද්දී පවා ඉලිනොයිස් තාක්ෂණ ආයතනයේ ඉන්දියාවේ සහ චීනයේ වැඩ කරන විදිහ ගැන උදාහරණ තියෙනවා.”
හාර්වඩ් විශ්වවිද්‍යාලය විසින් එහි නිල වෙබ් අඩවියේ, ආර්ජන්ටිනාව, එංගලන්තය, කොරියාව, සෙනගල් සහ බ්‍රසීලය ඇතුළු එම විශ්වවිද්‍යාලයේ විදේශයන්හි අධ්‍යයන අවස්ථා ලබා දෙන රටවල් 50කට වැඩි ප්‍රමාණයක් ලැයිස්තුගත කරනු ලැබ තිබේ.
ට්‍රම්ප්ගේ තහනම ස්ථිර වුවහොත්, සිසුන්ට තම අධ්‍යයන කටයුතු මෙම ස්ථානවලින් එකකට මාරු කළ හැකි ද යන්න තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.