ලුණු අලෙවියෙන් අසාධාරණ ලාභ ලබාගැනීමට වෙළඳුන් කටයුතු කරන්නේ නම් ලුණු සඳහාද පාලන මිලක් පනවන බව වෙළද හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
කිලෝවක් රුපියල් 80ට ගෙනැවිත් 250ට විකුණන්න ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කරන ලදී.

‘අපි ලුණු ගේන්න දුන්නේ ලුණු හිගය නිසා. අද වෙනකොට අපි දන්නවා ලුණු ලංකාවට රුපියල් 40ක බද්ධක් සහිතව ඉන්දියාව ඉඳන් ඇවිල්ලා ලුණු බාන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 77යි. අපි 80යි කියමුකෝ.
එතකොට සාමාන්‍ය තොග වෙදඳාමේදී 10% 15% 20% වඩා ලාබ තියන්නෑ.
හැබැයි මේ හිඟය අද ජාවාරම් බවට පත් කරගන්න ආනයනකරුවන් උත්සාහ කරනවා නම් මම ආනායනකරුවන්ටත් දැනුම් දුන්නා එ අයගේ සංගම් වලට දැනුම් දුන්නා මේ වැඩේ කරන්න ලෑස්සි වෙන්න එපා එහෙමත් අපි උපරිම සිල්ලර මිලක් යොදනවා කියල
ලුණු කිලෝ එකක් රුපියල් 80වට ගෙනල්ලා 250ට විකුණන්න ලෑස්සි වෙන්න එපා.
රුපියල් 100-120 අතර ලුණු කිලෝ එකක් විකුණ ගත්තහම ඇති.
ඒ නිසා මේක මේ හිගය නිසා බඩු ගේන්න දුන්නා මිස ඕගොල්ලන්ට අතිරිකත ලාභ හොයන්න බඩු ගේන්න දුන්නා නෙමෙයි කියන කාරණය අපි ආනයනකනකරුවන්ට ඉතාම තදින් දැනුම් දෙනවා.
එහෙම නොවෙනවා නම් මේ සතිය තුළ උපරිම සිල්ලර මිලක් පැනවීම් සඳහා අවශ්‍ය කටයුතු කරන්න අපි මැදිහත් වෙනවා. ලුණු වලින් අමතර ලාභ හොයන්න ලෑස් වෙන්න එපා. සාධාරණ ලාභයක් ලබන්න.
හිගය ඔබට අමතර ලාභ ලබන තැනක් බවට පත් කරගන්න එපා කියන කාරණය අපි බොහොම පැහැදිලිව කියනවා’