ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන හතරක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන හතරක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් ඒවායින් දෙකක් ලියාපදිංචි කර නොමැති බවත් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිඳිගම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලියාපදිංචි නොකළ ආගමික ස්ථාන ලෙස ක්‍රියාත්මක වන ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ පොතුවිල් සහ කොළඹ තිඹිරිගස්යායේ බවත් වැලිගම සහ ඇල්ල ප්‍රදේශවල පිහිටි ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවත් හෙතෙම සදහන් කලේය.

එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කලේ පසුගිය දෙසැම්බරයේ අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුවත් දෙහිවල සහ කොළඹ 7 හි අනවසරයෙන් ක්‍රියාත්මක වන ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථානවලට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව රජය විසින් ඉවත් කර නොමැති බවය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ කොළඹ 7 චිත්තම්පලම් ගාඩ්නර් මාවතේ පිහිටි මධ්‍යස්ථානයට ලබාදී තිබූ ආරක්ෂාව මේ වන විට ඉවත් කර ඇති බවය.