රේගු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් 323 හි තිබූ භාණ්ඩවලට කොටි සංවිධානයට අයත් ආයුධ ද ඇතුළත් වූ බවට තමනට තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

‘
මෙහිදී ඒ මහතා මෙසේද පැවසීය ,
“භාණ්ඩ රැගත් බහාලුම් ප්‍රභාකරන්ගේ ආයුද ඇතැයි මට දැනගන්නට ලැබුණා. මට ආරක්ෂාව සලසා නැති නිසා මෙය කීම නිසා මට වෙඩි තැබීමට ඉඩ තිබෙනවා.
ප්‍රභාකරන් 2009 ට පෙර තායිලන්තයෙන් ඉතිරි වී තිබූ මෙම ආයුද ගෙන්වීමට උත්සාහ කළා. කුමාරන් පද්මනාදන් හරහා ගෙනාව කියල ඩයස්පෝරාවෙන් මට කිවුවා”
අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර ජර්මනියට ගොස් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්චා කර රට තුල කරන්නට බැරි දේවල් කරන බවට පොරොන්දු වී තිබූ බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී තව දුරටත් පැවසුවේය.